IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


හබරණ මාර්ගයේ වනඅලියකු හැප්පූ රියදුරුට දඩ

 

(ඩබ් ඒ පියතිලක)

හබරණ ත්‍රිකුණාමල මාර්ගයේ දී   වනඅලියකු ලොරි රථයකට හප්පා මරණයට පත් කළ වරදට ලොරි රථයේ රියදුරාට රුපියල් 150,000 ක දඩයක් හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් නියම කළ බව කවුඩුල්ල ජාතික උද්‍යාන භාරකරු ප්‍රදිප් කුමාර හෙට්ටි ආරච්චි මහතා පැවසීය.  

 හබරණ ත්‍රිකුණාමල මාර්ගයේ  සිමෙන්ති  පටවාගෙන කොළඹට  රැගෙන යමින් තිබු  විශාල ප්‍රමාණයේ ලොරි රථයක ගැටීමෙන්  වයස අවුරුදු 25 පමණ වනඅලියකු මරණයට පත්විය.

මෙම අනතුර වෙන අවස්ථාවේ මියගිය වනඅලියා  හුරුඵ ජාතික උද්‍යානයේ සිට  කවුඩුල්ල ජාතික උද්‍යානය වෙත මාරු විමෙන්  සිටියදී   මෙම අනතුර සිදුව තිබේ.

රියදුරන්ගේ නොසැළකිලිමත් රිය ධාවනයෙන් මෙම වන අලියා මරණයට පත්ව ඇති බවට වනජිවී නිළධාරින්  විසින් කළ විමර්ශන වලදී අනාවරණය විය. පසුව වනජිවි පශූ වෛද්‍යවරුන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කිරිමෙන් පසු වනඅලියාගේ මරණයට හේතුව සදහන් කර ඇත.

ලොරි රථයේ රියදුරු වන කුරුණෑගල කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි  කෝනර මුදියන්සේලාගේ තරංග නුවන් කෝනර යන අයට රුපියල්  150,000 ක දඩයක් හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් නියම කරනු ලැබීය.

කවුඩුල්ල ජාතික උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර හෙට්ටි ආරච්චි මහතා ඇතුළු වනජිවී නිළධාරින් පිරිසක් මෙහි විමර්ශන කටයුතු කර අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

 



අදහස් (2)

හබරණ මාර්ගයේ වනඅලියකු හැප්පූ රියදුරුට දඩ

jaya Thursday, 16 July 2020 10:53 AM

දැන් අලියා පාරට ආවද. ලොරිය කැලේ ගියාද.? මටනම් තේරෙන්නේ නැහැ මේක.

:       0       0

රිතික් Thursday, 16 July 2020 03:00 PM

එතකොට දඩය ගෙවන්නේ මරණකාර අලියාගේ ඥාතීන්ටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 451 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 459 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site