IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


හඳුනා නොගත් කෘමියකුගෙන් ධාන්‍ය වගාවලට හානි

(දයාරත්න ඇඹෝගම)

හඳුනා නොගත් කෘමියකු විසින් තම ගෙවතුවල වගාකර ඇති කව්පි, මුං වැනි ධාන්‍ය වර්ගවලට හානි සිදුකිරිමෙන් තමන් එම වගාවන් අතහැර දැමූ බව අනුරාධපුර, යහලේගම ගොවිහු පවසති.

කොරෝනා සමයේ අලෙවි කිරිමට හා තම පරිභෝජනය සඳහා සිය ගෙවතුවල මෑ සහ කව්පි වගා කර තිබූ බවත්, මෙම නාදුනන කෘමියා විසින් එම වගාවන්ට හානි කිරිමෙන් නියමිත අස්වැන්නක් ලබාගත නොහැකිව වගාවන් අතහැර දමා ඇති අයුරු දක්නට ලැබිණි.

මෙම කෘමියා වගා කර ඇති කජුගස්වලද මල් කා විනාශ කර තිබෙන අතර තමන්ගේ ගෙවතු වගාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යහලේගම පදිංචි එච්.බි.සුනන්ද (55) මහතා මෙසේ පැවසීය.

‘මුලින් කෘමියෝ එකෙක් දෙන්නෙක් තමයි මේ වැල් අස්සේ හිටියේ පස්සේ උන් පැටව් දාලා එන්න එන්නම කෘමින් විශාල පිරිසක් බෝවුනා. දැන් කව්පි,මැකරල් වල මේ සත්තු සැහෙන ප්‍රමාණයක් ඉන්නවා. කව්පි,මැකරල්වල මල් හා කොළ සම්පුර්ණයෙන්ම කෘමින් කාලා විනාශ කරනවා.මල් කෑවට පස්සේ කරල් එන්නේ නෑ. ඒ වාගේම කජුගස් වලටත් හානි සිදු කරනවා.

අපි කව්පි අක්කරයක් පමණ වගා කළා. මේ කෘමින් ඒවායේ මල් කාලා විනාශ කළාට පස්සේ ගලවලා දැම්මා. ගමේ ගොවියෝ වගා කරපු තල,මැකරල් වලටත් මේ විදියටම කෘමින් හානි කරලා.තෙල් ගහන්නේ නැහැ. කට්ටියම වගා අතහැරලා දැම්මා. පහුගිය මැයි මාසේ තමයි අපි මේ වගාවන් ආරම්භ කලේ. කව්පි වගාවෙන් කිලෝ 10 ක අස්වැන්නක්වත් ලබාගන්න බැරිවුණා.

යහලේගම පදිංචි ගොවියන් විශාල පිරිසක් ඔවුන්ගේ ගෙවතුවල කව්පි,මෑකරල් වගා කළා. ඒත් මේ කෘමියා එම වගාවන් වලට හානි කිරිමෙන් ඔවුන් ද සිය වගාවන් අතහැරියා. මේ කෘමියා අද හෙටම විනාශ නොකළොත් පළාතටම බෝ වෙන්න පුලුවන්. එහෙම වුණොත් ලොකු විනාශයක් වෙනවා. තම ගෙවත්තේ අලංකාරයට වගාකර ඇති මල්ගස්වලට ද මෙම කෘමියාගෙන් හානි සිදුව ඇතැයි ද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රියාංජනි මාදන මහත්මියගෙන් සිදුකළ විමසිමේදී ඇය මෙසේ කීවාය.

මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ කිසිඳු ගොවියකු විසින් තම කාර්යාලයට දැනුම්දීමක් කර නොමැති බවයි. දේශගුණය වෙනස් විමත් සමඟ විවිධ කෘමින් බෝවන බව පැවසු අධ්‍යක්ෂකවරිය කඩිනමින් මේ සම්බන්ධයෙන් පියවර ගෙන කෘෂිකර්ම පරියේෂණ අංශය ඇතුළු වගකිව යුත්තන් දැනුවත් කර මෙම කෘමියාගේ පැතිරිම වැළැක්වීමට පියවර ගන්නා බවද කීවාය.

 



අදහස් (0)

හඳුනා නොගත් කෘමියකුගෙන් ධාන්‍ය වගාවලට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site