(ඩයනා උදයංගනී)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් මුද්‍රණය කරන කාඩ්පත් අවසන් වීම හේතුවෙන් හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන්නන් සදහා වෙනත් තාවකාලික සහතිකයක් ලබාදීමට සිදුව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ හේතුවෙන් ලබන දෙසැම්බරයේ පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන්ට හැඳුනුම්පත් වෙනුවට හැඳුනුම්පත් අංකය, ඡායාරූපය සහිත වෙනත් සහතිකයක් ලබාදීමට එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා හැඳුනුම්පත් අයදුම් කර ඇති බොහෝ දෙනෙකුට මේ වන විට මෙම සහතික සකස් කරමින් තිබෙන බවත්, තවත් 60,000කට පමණ ඒවා නිකුත් කිරීමට නියමිතව ඇති බවත් එම ප‍්‍රකාශකයා කීවේය.
එමෙන්ම එළඹෙන මැතිවරණය හා විවිධ හේතු මත අලූතෙන් හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන්නන් සදහා ද මෙම සහතිකයම නිකුත් කෙරෙන බව එම ප‍්‍රකාශකයා සදහන් කළේය.කාඞ්පත් ආනයනය කිරීම පමාවීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇතැයිද දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයා පැවසීය.
විශේෂයෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන්ට හැඳුනුම්පත් සකස් කිරීමේ අවශ්‍යතාවය සෑම වසරකම මතුවන බැවින් අවශ්‍ය කාඩ්පත් ප‍්‍රමාණය මෙම කාලයේදී ආනයනය කරවීමට දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් මෙන්ම රජයේ අදාළ අංශ ද පියවර ගත යුතු වුවත් මෙවර එසේ නොවීමෙන් මෙවැනි ගැටලුවක් මතුව තිබෙන බව වාර්තා වේ.
හඳුනාගැනීමේ තාවකාලික සහතික ලබාදී ඇති අයට හැඳුනුම්පත් මුද්‍රණය කරන කාඩ්පත් ලැබුණු සැණින් හැඳුනුම්පත් සකස් කර තැපෑලෙන් යැවීමට දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් කටයුතු යොදා ඇතැයි ද ප‍්‍රකාශකයා පැවසුවේය.
COMMENTS
තෙල් නැව එනකන් පෝලිම්වල හිටියා. දැන් කාඩ්පත එනකන් පෝලිමේ ඉන්නවා. මොකක්ද මේ පාණ්ඩුව...?
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය පුද්ගල හැදුනුම්පත් නිකුත් කිරීම. එකවත් කලට වෙලාවට කරගන්න බැරිනම් කොමසාරිස් අස්කරන්න ඕනේ , හැදුනුම්පත් මුද්‍රණය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය වත් කලට වෙලාවට ඇනවුම් කරන්න බැරිනම් , මොහුට වැටුප් , දීමනා සහ නිලතල දෙමින් තියාගන්න එකේ තේරුමක් තියෙනවද ?
මේ ආයතනයේ වැඩ කරන අයගේ ගෙවල් වල කෑම බීමත් ඉවර වෙලා කට්ටිය බඩගින්නේ ඉදලා හාමත් වෙලා ද අලුතෙන් බඩු ගන්නේ ?? කොමසාරිස් කියන්නේ මොකට පත් කරපු කෙනෙක් ද ???
මොන ලැජ්ජ නැති රටක්ද අම්මපා..? මේ වගේ දේවල් රටකට මහ ලොකු ප්‍රශ්නද? මොනවද මේ ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න..? ඕවා ඉවර වෙන්න කලින් අඩුම තරමේ මාස 6කට කලින්වත් දැනුවත් වෙන්න ඕනෑනේ... අලුතින් ඇණවුම් කරන්න හරි, හදන්න හරි.. ඔක්කොම ඉවර වෙනකන් ඒවා තව මහා ලොකුවටත් දානවා..