
හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට (19) රාත්‍රී 9.00 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.
ඒ අනුව, හෝමාගම, පන්නිපිටිය, මත්තේගොඩ සහ පෙලන්වත්ත යන පෙදෙස්වලට සිකුරාදා(20) පෙරවරු 7.00 වන තුරු ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
COMMENTS