(ලලිත් නවරත්න)
ත‍්‍රිරෝද රථ ඇතුළු විවිධ වාහනවලින් පැමිණ තමන් ආරක්ෂක අංශවල යැයි පවසමින් පුද්ගලයන් සතු රන් ආභරණ හා මුදල් කොල්ල කෑ හිටපු පොලිස් නිලධාරියකු ඇතුළු කල්ලියක සාමාජිකයන් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
පසුගිය කාලය පුරා මෙවැනි කොල්ලකෑම් පිළිබඳව පැමිණිලි රාශියක් වෙන්නප්පුව සහ අවට පොලිස් ස්ථාන වෙත තොරතුරු ලැබී තිබිණි.
ඒ අනුව වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලින් පසු මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙම කොල්ලකෑම්වලට සම්බන්ධ වෙන්නප්පුව, හලාවත, බොරැල්ල, මරදාන පදිංචි අවුරුදු 30 - 40 සීමාවේ සිව්දෙනෙකු සහ වැඩ තහනමකට ලක්ව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොල්ලකරුවන් සන්තකව තිබූ රුපියල් ලක්ෂ 10ට වටිනාකමක් ඇති රන් භාණ්ඩ සහ උණු කළ රත්තරන් තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd