(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
හැටන්, දික්ඔය, “ෆෝඩයස්” තේ වතුයායේ, කම්කරුවෝ පිරිසක් අද (09) එම වතුයාය ඉදිරිපිට දික්ඔය-ආගරපතන ප්‍රධාන මාර්ගයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂණයට එක්ව සිටි වතු කම්කරුවන් ප්‍රකාශ කර සිටියේ, 2018.12.29 වන දින තම වතු නිවාසවල ඇතිවූ හදිසි ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස 24 ක් සදහා මේ දක්වා තමන්ට නිවාස ඉදිකර දී නොමැති බවය.
තම මූලික අයිතියක් වන නිවාස කඩිනමින් ඉදිකර දෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා මෙම උද්ඝෝෂණය කරන බව එම ජනතාව පවසති.
මෙම විරෝධතාවට වතු කම්කරුවෝ විශාල පිරිසක් සහභාගී වූහ.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.