(රංජිත් රාජපක්ෂ)
හැටන් ඩන්බාර් වීදියේ රෙදි පිළි වෙළඳසැලක හටගත් ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
අද (03) රාත්‍රී 10 ට පමණ එම වෙළඳසැලේ උඩු මහලින් දුමාරයක් හටගෙන ඇති බව දුටු හැටන් නගරයේ වෙළෙන්දෙකු ඒ පිළිබඳව හැටන් පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් එක්ව වෙළඳසැල කඩා ඇතුළට පිවිස පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීමට සමත් වී ඇත.
පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීමට ගිය එක් අයෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.
ගින්න පිළිබඳව හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.