(රංජිත් රාජපක්ෂ )
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ සෞඛ්‍යය අංශ විසින් ලංගම සහ පෞද්ගලික බස් රථ වල මගින් ප්‍රවාහනය කළ යුතු ආකාරය පිලිබදව හදුන්වා දි ඇති ක්‍රමවේදය අනුව තමන්ට බස් රථ ධාවනය කළ නොහැකි බව පවසමින් හැටන් පෞද්ගලික බස් රථ සංගමයේ බහුතර සමාජිකයන් පිරිසක් අද (28) දින ධාවන කටයුතු වලින් ඉවත් විය.
ආසන 54 බස් රථයක මගින් 21 දෙනෙකු පමණක් නංවාගෙන යන ලෙසටත් , ආසන 30 සුපොගභෝගි බස් රථ වල මගින් 16 දෙනෙකු පමණක් නංවාගෙන යන ලෙසට සෞඛ්‍යය අංශ විසින් ලබා දුන් උපදෙස් අනුව පොලිසිය විසින් එ පිලිබදව අධික්ෂණය කරන නිසා තමන්ට ඒ අනුව බස් රථ ධාවනය කිරිම නිසා විශාල පාඩුවක් සිදු වන බවත්, එම නිර්නායක අනුව මගින් ප්‍රවාහනය කිරිමට හැකි ධාවන කටයුතු වල නිරත වන ලෙස එම සංගමයේ සභාපති එස්.කේ ජයසුරිය මහතා කීවේය.
එම නිර්නායක අනුව මගින් ප්‍රවාහනය කරන බව පවසමින් (28) දින පෞද්ගලික බස් රථ කිහිපයක් සහ ඇතැම් ලංගම බස් රථ කිහිපයක් නිර්නායක නිති උල්ලංඝනය කරමින් මගින් නංවාගෙන විත් හැටන් බස් නැවතුම්පොලට නුදුරු ස්ථානයකදි මගින්ව බස් රථයෙන් බස්සවා බස් රථය හැටන් බස් නැවතුම්පොලට ඇතුල් කරන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.
පෞද්ගලික බස් රථ කිහිපයක් ධාවනය කටයුතු වලින් ඉවත් වුවද හැටන් ලංගම ඩිපොව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.
(28) දින අලුයම 5 ට ඇදිරි නිතිය ලිහිල් කිරිමෙන් පසු හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු සමාන්‍යය පරිදි සිදු වන අතර හැටන් සතොස ශාඛාව විවෘත කිරිමට ප්‍රථම පුද්ගල දුරස්ථභාවය සහ සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පාරිභෝගිකයන් පෝලිම් වල රැදි සිටියහ.
නගරයට පිවිසෙන පාරිභෝගියක් අවම කිරිම සදහා සෞඛ්‍යය අංශ විසින් හදුන්වා දුන් ජාතික හැදුනුම්පතේ අවසන් අංකය පිලිබදව වතුකරයේ බහුතර ජනතාව දැනුවත් නොමැති අතර හදුන්වා දි ඇති අංක ක්‍රමවේදයට පටහැනිව පාරිභෝගිකයන් විශාල පිරිසක් නගරයට පිවිස ඇති ආකාරයක්ද දකින්නට ලැබිණි.


2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හැටන් පෞද්ගලික බස් හිමියෝ පිරිසක් ධාවන කටයුතු වලින් ඉවත් වෙති