IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිඟුරක්ගොඩ ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් වහලයට නැග විරෝධතාවක

(ඩබ්. ඒ. පියතිලක)
 
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු නගරයේ පිහිටි  තෙමහල් ගොඩනැගිල්ලකට  නැග ඊයේ(23) පස්වරුවේ  සිට අද(24) දක්වා විරෝධතාවයක යෙදි සිටී.
 
මෙසේ විරෝධතාවයේ යෙදී  සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හතමුණ බුබුල කලාපය භාර රවින්ද්‍ර ලක්මල් බණ්ඩාර නැමැති මන්ත්‍රීවරයායි.
 
එම මන්ත්‍රීවරයා මෙසේ කීය.
 
“මම හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවට 2018 පොදුජන පෙරමුණෙන් තරග කරලා හතමුන බුබුල කලාපය  භාර මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළා. පොළොන්නරුවේ රොෂාන් රණසිංහ කියන රාජ්‍ය අමාත්‍යවරයා හිටි ගමන් වෙනත් කාන්තාවක් එම ප්‍රදේශය භාර  නියොජිතවරිය ලෙස පත් කරලා. මම තරයේම ඊට විරුද්ධයි. මමයි ඡන්දයෙන් පත් වු මන්ත්‍රීවරයා. මාව කොහොමද අයින් කරන්නේ? අපි සිරිපාල ගම්ලත් මහතා සමග කටයුතු කරනවාට තරහටයි රොෂාන් රණසිංහ මහතා මේ දේ කළේ. මාගේ කලාපයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ගමේ ජනතාව සමඟ රැස්වීමක් ඊයේ(23) තිබුණා. එහිදි අර කාන්තාවට  බිත්තර ප්‍රහාරයක් එල්ල කරලා. වෙනත්  පුද්ගලයෙකු  පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. මගෙන් කට උත්තර ලියාගත්තා. මේක හරිම අසාධාරණයක්.  මම අගමැතිතුමාගෙන්  සහ ජනාධිපතිතුමාගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙනවා.  මගේ කලාපය මට භාර දෙන තෙක් සහ  අත්අඩංගුවට  පත් පුද්ගලයා නිදහස් කරන  තෙක් මම  මැරුණත් මෙම වහලයෙන් බහින්නේ නැහැ” යැයි කීය.
මේ සම්බන්ධයෙන් හතමුණ කලාපය වෙනුවෙන් පත් කළ නිලුෂි අයිරාංගනි මහත්මිය මෙසේ කීවාය.
 
“මාව හතමුණ කලාපයේ කොට්ඨාස  සංවිධායක ලෙස රොෂාන් සර් පත් කලා. පසුව මා (23) එම  කොට්ඨාසයේ ජනතාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහත්වරුත් සමග සාකඡාවක් පැවතියදී රවින්ද්‍ර මන්ත්‍රිවරයාගේ පිරිසක් මටත්  සැමියාටත් බිත්තරවලින් සහ අතින් පහරදුන්නා. පසුව මම පොලිසියට ගොස් පැමිණිල්ලක් දමා රොහල් ගත වුණා” යැයි කීවාය.
 
කෙසේ නමුත් හිගුරක්ගොඩ පොලිසිය පවසා සිටින්නේ  මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු අද හිගුරක්ගොඩ අධිකරණයට  ඉදිරිපත් කරන බවය.



අදහස් (0)

හිඟුරක්ගොඩ ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් වහලයට නැග විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site