(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික)
හික්කඩුව නගර සභාවේ අයවැය අද (15) පැවති විශේෂ මහ සභා රැස්වීමේදී විපක්ෂයේ විරෝධතා මධ්‍යයේ ඒක ඡන්දයෙන් සභා සම්මත විය.
මේ විශේෂ සභා රැස්වීම නගර සභාපති විනී කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.
නගර සභාපති විනී කාරියවසම් මහතා අයවැය යෝජනාවලිය සභාවට ගෙන ආ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේත් ,ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික නිදහස් පෙරමුණේත් මන්ත්‍රීවරු අය වැයට විරෝධය පලකරමින් හා එය නීති විරෝධි අයවැයක් ලෙස ප්‍රකාශ කරමින් සභා රැස්වීමෙන් ඉවත්වී ගියහ.
නගර සභාපති විනී කාරියවසම් මහතා ඇතුලු පාලක පොදු ජන පෙරමුන මන්ත්‍රීවරුන් 11දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණක් සභා රැස්වීමේ සිටි අතර ඔවුන්ගේ එකගතාවය මත අය වැය ඡන්ද විමසීමකින් තොරව සභා සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd