(මොහොමඩ් ආසික්)
මෙවර පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානවල ශාලා සහායක තනතුරු සඳහා දෙපාර්තමේන්තුවේ ස්ථීර ප්‍රාථමික තනතුරුලාභීන් පමණක් බඳවා ගන්නා ලෙස අදාළ ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දෙන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතාගෙන් ඉල්ලා සිටී.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ඡධයෙන් පසුගිය වසරවල පවතින අත්දැකීම් අනුව මෙවර මෙය නිවැරැදි කළ යුතු බවයි. අධ්‍යාපන කෙෂ්ත්‍රයේ අනධ්‍යයන සේවකයින් 30,000 ක් පමණ සිටින බවත් විභාග රාජකාරි වෙනුවෙන් සහායක තනතුරු සඳහා අවශ්‍ය වන්නේ 5000 ක් පමණක් නිසාත් එම ප්‍රමාණය දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවකයින්ගෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු පැවසීය.
කෙසේ නමුත් පසුගිය වසරවල පවතින අත්දැකීම් අනුව බොහෝ ශාලාධිපතිවරුන් ස්ථිර රාජ්‍ය සේවයට අයත් නොවන පිටස්තරයින්,ශලාධිපතිවරුන්ගේ දරුවන්,නිවසේ සේවය කරන මෙහෙකරුවන්,වතු කම්කරුවන් යොදා ගැනීම මෙන්ම කිසිවෙකුත් යොදා නොගෙන ව්‍යාජ ලෙස දීමනා ලබා ගත් අවස්ථාවන්ද තිබූ බව අජිත් කේ .තිලකරත්න මහතා පෙන්වා දෙයි. එබැවින් 2019 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස සාපෙ විභාග රාජකාරී කටයුතු විනිවිද භාවයකින් යුක්තව අක්‍රමිකතාවලින් තොරව රාජ්‍ය සේවකයින්ගේ පූර්ණ මැදිහත් වීමෙන් සිදු විය යුතු බැවින් මෙම රාජකාරි සඳහා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් යොදා ගන්නා ලෙස ශාලාධිපතිවරුන්ට උපදෙස් ලෙන ලෙසයි.
2025 නොවැම්බර් මස 17
56
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
893
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2521
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සා.පෙළ මධ්‍යස්ථානවලට අනධ්‍යයන සේවකයින් ගන්නැයි ඉල්ලීමක්
asiri Friday, 29 November 2019 05:07 AM
අපෝ මෙයාලා මෙතනට ඇවිත් අයිස් ගහලා සල්ලි හොයන්න ලෑස්තිය