(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අද (18) බලපෑ තද සුළඟ හේතුවෙන් ඇතිවූ ආපදා තත්වය ඉහළ ගොස් ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
ඒ අනුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක පිහිටි නිවාස 145 කට හානි සිදුවී පවුල් 148 කට අයත් පුද්ගලයින් 540 ක් පීඩාවට පත්ව ඇතැයි මේ වනවිට ගණන් බලා තිබෙන බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා පැවැසීය.
තමන්කඩුව,වැලිකන්ද,දිඹුලාගල,ලංකාපුර,මැදිරිගිරිය,හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග‍්‍රාම නිලධාරී වසම් 84 කට එය බලපා තිබේ.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බවත් එහි නිවාස 41කට හානි සිදුවී පුද්ගලයින් 153ක් ඉන් පීඩාවට පත්ව ඇතැයි නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.
මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තද සුළඟ හා අකුණුසර වැදීම් හේතුවෙන් නිවාස 35 කට හානි සිදුව සිදුව තිබේ.
පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව 135කි. දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 24කට හානි සිදුවී පුද්ගලයින් 83 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන අතර තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 19කට හානි සිදුවී පුද්ගලයින් 76 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසක සුළඟ හේතුවෙන් විදුලිය රැහැන් මාර්ග මතට ගස් කඩා වැටීම නිසා විදුලිය සැපයුම ඇණහිට තිබූ බව වාර්තා වූ බවත් විදුලි බල මණ්ඩලය බිඳවැටීම් යථා තත්වයට පත් කරන බවත් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුළඟින් පොලොන්නරුවේ නිවාස 145 කට හානි