(එස්. ඩී. කොඩිකාර)
අනවසරයෙන් මෙදේරිපිටිය ප්‍රදේශයෙන් සිංහරාජ රක්ෂිතයට ඇතුළු වී බාන්වැල්ගැට කිලෝ 64 ක් කපා ලොරි රථයකින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙදේරිපිටිය සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි 35 – 40 අතර වයස්කාණ්ඩවල පසුවන පුද්ගලයන්ය.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බාන්වැල්ගැට පොහොර උර වල බහා ගැටගසා ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය කියයි.
සැකකරුවන් බාන්වැල්ගැට කොළඹ ප්‍රදේශයට රැගෙන ගොස් ඉහළ මිලකට අලෙවි කරන බවට පොලිසිය සැකකරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ලොරි රථය සමග මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
==========================

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාන් වල ගැට කපන්නේ බෙහෙත් වලට විකුණන්නනේ. කැලේ තියෙන වටිනා කියන ගස් කපන්නේ බෙහෙතට නෙමෙයිනේ. පොලිසිය මේ තරම් උනන්දුවෙන් කැලේ පාලුවන්වත් අල්ලනවද ? මේ මිනිස්සු බාන් වල ගැට විකුණන්නේ ඩොලර් වලට නෙමෙයිනේ. අපේ නීතියේ සමානාත්මතාවය තමයි මේ පෙන්වන්නේ.