(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියක් තුළදී එහි සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කළ බව කියන උපකාරක පංති ගුරුවරයෙකු අද (11) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
සැකකාර පෞද්ගලික උපකාරක පංති ගුරුවරයා පංති කාමරය තුළ ඉගැන්වීම් කටයුතු සිදු කරන අතරතුර අපයෝජනය කර ඇති බවට සිසුවියන් තිදෙනෙකු විසින් කොළඹ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල කර ඇතැයිද, ඒ අනුව සැකකාර ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.