IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිසුවකු අපයෝජනයට ලක්කළ චීවරධාරියෙකු අත්අඩංගුවට

(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

වයස අවුරුදු 11 ක පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමේ  චෝදනා මත ඉමදුව ප්‍රදේශයේ ආරාමයක වෙසෙන  වයස අවුරුදු 47 ක චීවරධාරියෙකු අද (07) සැකපිට අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය කියයි.

පොලීසිය පවසන්නේ සැකකරුගේ කාමරයේ අදාල දරුවා නිරුවතින් සිටින විට ඒ බව දැක ඇති වෙනත් ළමුන් දෙදෙනෙකු අදාල දරුවාගේ මවට මේ බව දැන්වීමෙන් පසු වින්දිත දරුවාගේ මව මේ ගැන පොලීසියට කළ පැමිණිල්ල මත සැකකරු අත් අඩංගුවට ගත් බවයි.

පොලිසිය වින්දිත දරුවා වෛද්‍ය පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර තිබේ.

සැකකරු හෙට (08) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉමදූව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.



අදහස් (2)

සිසුවකු අපයෝජනයට ලක්කළ චීවරධාරියෙකු අත්අඩංගුවට

Pradeep Saturday, 07 March 2020 04:39 PM

මහනායක හිමිවරුනි, තව දුරටත් ඔබලාගේ නිහඩ පිළිවෙත තව කොපමණ අපචාර චීවර ධාරීන් අතින් සිදුවෙන තුරුද ? ඇතැම් අය තමන් රහත් වූවා යැයි පවසා අනුගාමිකයින් නොමග යවනවා. තවත් අය බැටළු සම් පොරවාගත් වෘක දේශපාලකයින් වෙනුවෙන් පෙනී සිටිමින් ශාසනයට නිග්‍රහ කරනවා. තවත් තරුණ හිමිවරු නොයෙකුත් උද්ඝෝෂණ වලට සහභාගී වී කලහකාරී ලෙස හැසිරෙනවා. තවත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා තමන් අධ්‍යාපනය ලබන ආයතනවල ඇති සම්පත් විනාශ කරනවා. දැන් ඒ මදිවට මේ තව එකක්. ඔබ වහන්සේලා නිහඩව සිටීමෙන් පෙනෙන්නේ මේ සියලු දේ ඔබ අනුමත කරන බවයි. කරුණාකර විනය නීති කඩන චීවර ධාරීන්ට දඩුවම් පමුණුවන්න. නිසි පරීක්ෂණ කර මේ හොර චීවර ධාරීන් ශාසනයෙන් නෙරපා දමා මේ උතුම් වූ බුද්ධ ශාසනය පිරිසිදු කර දමන්න.

:       0       17

raviSunday, 08 March 2020 01:18 PM

අපි අපේ බුද්ධ ශාසනය .. මේ කුපාඩි කුහකයන්ගෙන් මුදාගන්න ඕනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site