(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල නගරයේ පාසලක උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන පාසල් සිසුවකුට අමානුෂික ලෙස පහර දුන් පාසල් සිසුන් හත් දෙනෙකු අද (07) අත්අඩංගුවට ගත්බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
එම විද්‍යාලයේම උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් හත් දෙනෙකු බණ්ඩාරවෙල පෙලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑමට ලක් වූ පාසල් සිසුවා මේ වන විට බණ්ඩාරවෙල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව පොලිසිය පැවසීය.
පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කීය.
අත්අඩංගුවට ගනු ලැබූ පාසල් සිසුන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd