(තරංග ගුණරත්න)
වැලිගම නගර සභා සතු වැලිගම මූදුගමුව පොදු සුසාන භූමියේ සොහොන් කොත් කඩා දමා මෘත ශරීරවල කොටස් රැගෙන යන බව එක්සත් ජාතික පක්ෂ වැලිගම නාගරික මන්ත්‍රී පී. කේ. සී. විමලසූරිය මහතා පවසයි.
මෙම පොදු සුසාන භූමියේ මිහිදන් කරනු ලබන ඇතැම් සොහොන් කොත් කඩා බිඳ දමා ශරීර කොටස් රැගෙන යාමේ නීතිවිරෝධී ජාවාරමක් ක්‍රියාත්මක වන බව සාක්ෂි සහිතව තහවුරු වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ජීවත්ව සිටින කෙනෙකුට අවමානයක් අගෞරවයක් සිදු වුවහොත් ඒ සඳහා සමාව ගත හැකි බවබද, මිය ගිය අය වෙනුවෙන් සිදුවන අගෞරවය වෙනුවෙන් වැලිගම නගර සභාවේ පාලනාධිකාරිය වගකිය යුතු බවද ඒ මහතා සඳහන් කරයි.
මෙම සුසාන භූමියේ ගලි බවුසර් හලා දමා මෙම පරිසරය නගර සභාව විසින්ම අපවිත්‍ර කරන බවද ඔහු කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනියක්වත් තියෙන්න දෙන්නේ නැති පුණ්‍යය භූමිය.