IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිසුන්ට ගංජා අලෙවි කළ හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)
 
බේරුවල, මතුගම, කළුතර ඇතුලු අධ්‍යාපන කොට්ඨාසයන්හි සිසුන් ඉලක්ක කර කේරළ ගංජා ජාවාරමක නිරත වූ හිටපු යුද හමුදා සෙබළෙකු කේරල ගංජා ග්‍රෑම් 200 ක් හා ගංජා සුරුට්ටු ඉරීමට ගන්නා දුම්වැටි ෆිල්ටර් 35 ක් සමග අද (23) අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති.
 
 අත්අඩංගුවට පත් විශ්‍රාමික හමුදා සෙබළා කුඩලිගම පදිංචි 31 හැවිරිදි අයෙකි.
 
සැකකාර සෙබළා කලක සිට කළුතර දිස්ත්‍රික්කය පුරා ඇති පාසල් හා උපකාරක පංති අවට ගැවෙසෙමින් සිසුන් හා මිත්‍ර වී, කේරළ ගංජා පානයට හුරු කර මෙම ජාවාරම කර ඇතැයි නිලධාරීන් අනාවරණය කර තිබේ. ඇතැම් අවස්ථාවල උපකාරක පංතිවල අත් පත්‍රිකා බෙදීම් වැනි කටයුතුවල නිරත වන අය හා එක්ව එම පත්‍රිකා බෙදීමට ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත් අනාවරණය කරගෙන තිබේ.
 
මෙම සැකකරු සිසුන් 10 දෙනෙකුගේ කණ්ඩායමකට ගංජා පැකට්ටුවක් රු. 3000ක මුදලකට අලෙවි කර ඇති බවත් එමගින් ගංජා පානය කරන තවත් කණ්ඩායම් හඳුනා ගැනීමට එම කටයුතු කර  ඇති බවච පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
අත්අඩංගුවට ගත් විශ්‍රාමික සෙබළා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
===========

 



අදහස් (0)

සිසුන්ට ගංජා අලෙවි කළ හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site