IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සංස්කෘතික අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් ඇතුළු 4 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගිනි අවියක් සහ තහනම් පිහියක් රැගෙන කැබ් රථයකින් ගමන් කරමින් සිටි සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු හොරණ මීවනපලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
අත්අඩංගුවට ගත් පිරිස අතර රියදුරෙක්, පෞද්ගලික සමාගමක වැඩ පරීක්ෂකවරයෙක් සහ ව්‍යාපාරිකයෙක්ද වන බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තිබී විදේශයේ නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක්, ජීව උණ්ඩ පහක්, හිස් කොපුවක්, පිස්තෝල හැඩැති ගෑස් ලයිටරයක්, තහනම් පිහියක්, කැබ් රථයක් හා යතුරු පැදියක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
 
හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් බත්තරමුල්ල, කඩුවෙල හා මිල්ලෑව පදිංචි අවුරුදු 32 හා 43 අතර වයස්වල පසුවන්නන් බවද පොලිසිය කියයි.
 
සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සංස්කෘතික අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් ඇතුළු 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site