සුවහසක් රෝගී ජනතාවට ඉමහත් සේවයක් ඉටු කළ කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක අමල් ගුණරත්න මහතා පසුගිය 17 වැනි දා චාවකච්චේරියේ සිදුවූ හදිසි අනතුරින් අභාවප‍්‍රාප්ත විය.
ස්නායු රෝග පිළිබඳව හසල දැනුමක් ඇති ඔහු සුව කළ රෝගීන් දහස් ගණනකි.ඔහුගේ අවසන් කටයුතු අද (19) බණ්ඩාරගම,හල්තොට පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.
1963 දී උපන් ගුණරත්න මහතා හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1988 වසරේ භෞතචිකිත්සක පාඨමාලාවට එක්විය. 1991 දී පළමු පත්වීම ලෙස මාතලේ මහ රෝහලට පත්වීම් ලබන ඔහු මාතලේ මහ රෝහලේ වසර ගණනාවක් මහඟු සේවයක් ඉටු කළේය. පසුව ජාතික රෝහලට ස්ථාන මාරු ලබා ආ ගුණරත්න මහතා මිය යන තුරු ඉතා ගුණාත්මක සේවයක් ඉටු කළ භෞතචිකිත්සකවරයකු ලෙස හැඳින්විය හැක.
ස්නායු රෝග පිළිබඳ හසල දැනුමක් ඇති ඔහු ඉතා දක්‍ෂ ගුරුවරයෙක්ද විය. භෞත චිකිත්සාව හදාරන සිසුන් අතර ජනපි‍්‍රය කථිකාචාර්යවරයකු ලෙසද ඔහු හැඳින්විය හැකිය.
එපමණක් නොව රජයේ භෞතචිකිත්සක සංගමයේ ලේකම් ලෙසද කටයුතු කළ ගුණරත්න මහතා මිය යන තුරු තනිකඩ ජීවිතයක් ගත කළේය. තම සම්පුර්ණ කාලය රෝගී ජනතාව වෙනුවෙන් කැප කළ ඔහු අප අතරින් සමුගත්තේ එම හිඩැස පිරවීමට තවත් කෙනෙකු නැති බවද පසක් කරමිනි.
“2014 පී.ටී. රීමික්ස්“ සම්මාන උළෙලේ වසරේ හොඳම භෞත චිකිත්සකයෙකු ලෙසද අමල් ගුණරත්න මහතා නිර්දේශ විය.
1988 දී භෞතචිකිත්සාව හැදෑරීමට අප කණ්ඩායමට එක්වුණු ඔහු යහළුවෙකි ගුරුවරයෙකි එමෙන්ම සහෝදරයෙකි.
සහෘදයාණෙනි,ඔබ ඉතිරි කළ හිඩැස පිරවීමට කිසිවකුත් සමත් නොවන බවට අවිශ්වාසයක් නැත. සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි පතමු. ඔබට නිවන් සුව.
ජාලිය උඩුවැල්ල
වරලත් භෞතචිකිත්සක සංගමයේ සභාපති
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සුවහසක් රෝගීන් සුවපත් කළ ජාතික රෝහලේ ජීවකයා
ලක්ෂ්මන් ප්‍රනාන්දු Wednesday, 21 December 2016 06:21 AM
ඔබට නිවන් සුව ! (බ)
ගාමිණි Wednesday, 21 December 2016 05:02 PM
මෙවන් මිනිසුන් රටකට වැඩි වැඩියෙන් අවැසි කලෙක මඟමරුවන්ට බිලිවෙන ජාතියක් ලෙස අපි නොබෝ දිනකින්ම ඉතිහාසයට එක්වනු ඇත. ඔබ කළ සේවයට ආචාර කර නිවන් සුව පතමු. (නි)
ලීනා Tuesday, 20 December 2016 09:15 AM
ඔබට නිවන් සුව ලැබේවා! (නි)