ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
නාකියාදෙනිය - අකුළහේන සැන්රින් වතුයායේ සේවිකාවකට පහරදී තුවාල සිදුකර සේවිකාව සහ ඇයගේ දරුවන් තිදෙනා කාමරයක සිරකර තබාගැනීමේ චෝදනා මත එම වතුයායේ අයිතිකරු සහ ලිපිකාරිනියක් අද (21) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.
සේවිකාව ලිපිකාරිනියගේ කම්මුලට පහරදීමක් සිදුකළ බවට එම ලිපිකාරිනිය කළ ලද පැමිණිල්ල සම්බන්ධයෙන් එම සේවිකාවද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අකුරැස්ස දෙදියගල පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් බවත් ලිපිකාරිනිය 40 හැවිරිදි වලහන්දූවේ පදිංචිකාරිනියක් බවත් පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති සේවිකාව 22 හැවිරිදි දරුවන් තිදෙනෙකුගේ මවකි.
සැකකරුවන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd