කොංගෝවේ ගෝමා ගුවන්තොටුපොළේ අතහැර දමනලද ගුවන් යානා රැසක් කුඩාවුන්ගේ සෙල්ලම් පිටි බව පත්ව ඇති ආකාරය ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පී මයිකල් ක්‍රිස්ටෝපර් බ්‍රවුන් විසින් රූපයට නගා ඇත්තේ ඉතා අලංකාර අයුරිනි. ඒ ඡායාරූප දැන් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.
කොංගෝ ජනරජයේ ගෝමා නගරයට කිලෝ මීටර 19ක් ඈතින් පිහිටි නිරූගෙංගෝ ගිනිකන්ද 2002 ජනවාරි මස 15 දා පුපුරා ගියේය. මේ ගිනිකන්දේ ක්‍රියාකාරීත්වයත් සමග ඇතිවූ ලාවා නගරයට ගලා ඒමෙන් බොහෝ ස්ථාන විනාශ විය. ගුවන්තොටුපොළ ද එලෙස විනාශ වූ ස්ථානයකි.
විනාශ වූ ගුවන්තොටුපොළේ අතහැර දමන ලද ගුවන්යානා වෙත පැමිණෙන කුඩාවුන් ගුවන් යානයේ අත්තටු, නියමු කුටිය, ගබඩා කාමර ඇතුළු සියල්ල තම රජදහන කරගෙන සිටියි. ඔවුන්ට ආරක්ෂක අංශවලින් ද බාධාවක් නැත.







COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.