(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පොලිස් වසමට අයත් නගරවැව ප්‍රදේශයේ දී අද (4) හදිසි වැටළීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 162ක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
සැකකරු කාලයක සිට කේරළ ගංජා පුත්තලම ප්‍රදේශයට තොග වශයෙන් රැගෙන විත් ග්‍රෑම් 2 බැගින් පැකැට්කර එම පැකැට්ටුවක් රුපියල් 500 බැගින් ප්‍රදේශයේ අලෙවිකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාලියවැව පොලීසියට බාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd