( අශෝක තිලකරත්න )
සූරියවැව පඩිකෙම්ගල පුරාණ විහාරස්ථානයට අද (26) අලුයම අවි අතැතිව කඩා වැදී එහි විහාරාධිපති හිමියන්ට මරණීය තර්ජනය එල්ල කළ සැකකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු ගල්කටස් ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ 3ක් සමඟ අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සූරියවැව සමාජ සේවාපුර ඇළ පාරේ පදිංචි සැකකරු අද (26) පෙරවරුවේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd