(ජේ.කේ.එල්.චාමින්ද)
තම සැමියා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඇය ඇඳ සිටි සාරිපොට යතුරුපැදියේ පිටුපස රෝදයේ එති බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබු බිරිඳ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි.
මෙරවක නෙළුව මාර්ගයේ කළුබෝවිටියන නගරය ආසන්නයේ දී මෙම අනතුර වි ඇත.
මොවුන් මොරවක දෙස සිට නෙළුව දෙසට ගමන් කරමින් ඇති අතර බිරිඳ ඇද සිටි සාරිපොට යතුරුපැදියේ පිටුපස රෝදයේ එතිමෙන් ඇය බිමට වැටි ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවන තන්තිරිමල්ල පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd