IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සේරුනුවර-කින්නියා හි මහවැලි ගඟේ බෝට්ටු ගිනි තැබුවන්ට නීතීය ක්‍රියාත්මක කරන්න

(කාංචන කුමාර ආරියදාස) 

සේරුනුවර සහ කින්නියා ප්‍රදේශවල මහවැලි ගඟේ නීත්‍යනුකූල වැලි කැනීමෙහි නිරතව සිටි ගැමි ජනතාව සතු වැලි ප්‍රවාහනය කළ බෝට්ටු හතළිහක් පමණ ගිනිතබා විනාශ කළ මහා පරිමාණ වැලි ජාවාරම්කරුවන්ට වහාම දඬුවම් ලබාදෙන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කර සිටී. 

එම ප්‍රදේශවල සිදු කෙරෙන මහා පරිමාණ වැලි ජාවාරම පිළිබඳව තොරතුරු හෙළි කිරීමත් සමඟ මෙම ගිනි තැබීම සිදු වූ බව වාර්තා වේ.

මහවැලි ගඟේ බෝට්ටු ගිනිතබා විනාශ කිරීම තමා හෙළා දකින බවත්, විනාශ කළ බෝට්ටු සඳහා ගැමියන්ට වන්දියක් ලබා දී ජාවාරම් කරුවන්ට ද සුදුසු දඬුවම් ලබාදෙන ලෙස තමන් පොලීසියෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

සේරුනුවර සහ කින්නියා යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අසළින් මහවැලි ගඟ ගලා බසිද්දී ජාවාරම්කරුවන් පිරිසක් යන්ත්‍රසූත්‍ර ගඟට බස්සවා, ඇළ ඉවුරු කපා දමා, මහා පරිසර විනාශයක් සිදුකරමින් වැලි ගොඩ දමද්දී එම ප්‍රදේශයේ පදිංචි ජනතාව ඉතාමත් සාධාරණව බලපත්‍ර නීති උල්ලංඝනය නොකොට වැලි ගොඩ දැමීම සිදුකරන බවත් ඔහු පැවසීය. පිට පළාත් වලින් පැමිණි දේශපාලන  ජාවාරම්කරුවන්ගෙන් ග්‍රාමීය ජනතාවට ඇතිවන බලපෑම පිළිබඳව හෙතෙම මාධ්‍ය දැනුම්වත් කර තිබුණි.

 ඒ අනුව තමන් කින්නියා හා සේරුනුවර  ප්‍රදේශයේ වැලි කැනීම් ස්ථාන නිරීක්ෂණය කොට පැමිණි දවසේ රාත්‍රියේ කිසියම් පිරිසක් පැමිණ සේරුනුවර ප්‍රදේශයේ අහිංසක ජනතාවගේ බෝට්ටු හතළිහකට වැඩි ප්‍රමාණයකට මෙසේ ගිනි තබා ඇතැයි සඳහන් කළේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් විස්තර අනුව වැලි කැනීම් සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ 113 කට පමණක් බවත් එහෙත් දහසකට වැඩි පිරිසක් මෙම වැලි ජාවාරමේ නිරතව සිටින බවත් ප්‍රදේශයේ සියලුම දේශපාලනඥයන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ ඥාතීන්ට ද වැලි කැණීමේ බලපත්‍ර නිකුත් කර ඇති බවත් ඔවුන් ඒවායින් අතිවිශාල මුදලක් අයථා ලෙස ලබාගන්නා බවත් නාමල් කරුණාරත්න මහතා හෙළි කළේය.
 
මහවැලි ගඟේ සිදුවන මහා පරිමාණ පරිසර විනාශය පිළිබඳව රජයේ වගකිවයුතු නිලධාරීන් මුණිවත රකිනුයේ දේශපාලන මැදිහත්වීම නිසා බව ඔහු වැඩිදුරටත් පැවසීය. 
 

 

 



අදහස් (0)

සේරුනුවර-කින්නියා හි මහවැලි ගඟේ බෝට්ටු ගිනි තැබුවන්ට නීතීය ක්‍රියාත්මක කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 553 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site