IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සායනික අපද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝවත්තට ගෙනවිත් දමලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
වනාතවිල්ලුව පුබුදුගම ආසන්නයේ ඉඩමකට කිසියම් පිරිසක් සායනික අපද්‍රව්‍ය තොගයක්  දමා ගොස්  තිබියදී අද(03) හමුවී ඇති බව  පුබුදුගම ගම්වාසීහු පවසති. 
 
වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් ලැක්ටෝ වත්ත වතු යාය කෙළවරේ කැලෑ සහිත ප්‍රදේශයට මෙම සායනික අපද්‍රව්‍ය තොගය කිසියම් පිරිසක් ගෙන දමන්නට ඇති බව ඔවුහු කියති.
 
 මෙම සායනික අප ද්‍රව්‍ය තොගයේ භාවිත කළ එන්නත් කටු, භාවිතා කළ සහ නොකළ ඖෂධ කුඩා කුප්පි, රේසර් හා වෙනත් දෑ මෙම තොගයේ ඇති බව ද ඔවුහු කියති.
 
සායනික අපද්‍රව්‍ය තොගය වළකට දමා තිබියදී ගම්වාසියකු  දැක පසුව ඔහු දැනුවත් කර ඇත.
 
මෙම සායනික අපද්‍රව්‍ය තොගයේ දුරකතන සිම්පත්වලින් ඉවත් වන කොටස් ද තිබූ අතර එයට අමතර කාලය අවසන් වාහන රක්ෂණ කාඩ්පත් කිපයක්ද තිබිණි.
 
මේ පිළිබඳව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.ආර්. ඒ.පී. හර්ෂණී මහත්මියගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකි.
 
 “ මේ පිළිබඳව අපිට තවමත් තොරතුරක් ලැබිලා නැහැ. නමුත් මේ තොරතුර අනුව අදම මා එම ස්ථානයට ගොස් සායනික අප ද්‍රව්‍ය පරීක්ෂා කර තොරතුරක් ලබා දෙන්නම්” යැයි පැවසුවාය. 



අදහස් (0)

සායනික අපද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝවත්තට ගෙනවිත් දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 229 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site