ආරියදාස කොඩිතුවක්කු
මාලබේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් රජයේ වෛද්‍ය විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යවන් සහ ඔවුන්ගේ දෙමාපියන් අද (14) සවස තංගල්ල මුලික රෝහල ඉදිරිපිට සිට විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් 500ක පමණ පිරිසක් කිලෝමීටරයක පමණ දුරක් ගෙවා තංගල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති පැරණි පොළ භුමියට පැමිණියහ.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු, රජයේ සේවක විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කරනු, සියලු උපාධිධාරීන්ට වහාම රැකියා ලබා දෙනු යනුවෙන් සදහන් වැකි සහිත පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ගෝෂණය කරමින් ගමන් ගත්හ.


COMMENTS
මෙම වෙසක් මාසයේ බුදුහිමියන් දේසනා කළ තමාට පිහිට තමාමය යන්න සිහිකරන්න දෙමාපියනි දරුවනි ඔබපිටුපස සිටින්නේ කවුරුන්ද බලන්න ඔවුන්ට ඕන කරන්නේ බලයට පැමිණීම සංගමයේ අයට ඕන කරන්නේ ඔබලාගේ අධ්‍යාපනය අඩාල කර නුඹලාට වෛද්‍යවරු විම වලක්වා ඔවුන් හැමදාම රාජ්‍ය සේවයේ ඉන්න, මේ නිසා විදේශ වල උගත් සිසුන්ටත් සේවයට එක්වන්න පහසු වෙනවා දෙමාපියනි දරුවනි ටිකක් හිතන්න නුඹලා වයස 22 දී වෛද්‍ය විද්‍යාලයට පැමිණ ඉවත්වනවිට වයස 30 පසුවේවි පනනම් තණ අග පිනිබිඳු වැන්නේ කියනවනේ එමනිසා ඔය වගේ දේවල් නොකර තම තමතමන් ගැනත් හිතන්න
මම දන්නා කෙනෙක් තංගල්ල රෝහලෙන් අවුරුද්දක් විතර කොන්දේ අමාරුවකට බෙහෙත් ගත්ත. අවුරුද්දක්ම ගිහිල්ලත් දොස්තරලට හොයා ගන්න බැරි වූනා මේ ලෙඩාට තියෙන්නේ පිළිකාවක් කියල. අන්තිමට ඒ මනුස්සය ලඟදි මැරුණා. හැබැයි රෝහල හැම තැනම සයිටම් අහෝසි කරන්නැයි කළු කොඩි දමල.