අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමි ගුණානුස්මරණ වැඩසටහන් මාලාවක් දෙසැම්බර් 09 සිට ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතය.
කොළඹ ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ එංගලන්ත ශාඛාව මඟින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී සහ කින්ග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
සෝම හිමියන් සිහිපත්කර බුද්ධ පුජාවක් සහ විශේෂ ධර්ම දේශනයක් ලබන සිකුරාදා(09) සවස 7.30 ට පදලංගල ධම්මදේව හිමියන් විසින් පවත්වන බව සංවිධායකයෝ කියති.
ලබන සෙනසුරාදා(10) සවස 6.00ට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී බුද්ධ පුජාවක් සහ ධර්ම දේශනයක් පැවැත්වීමට නියමිතය අතර ඉරිදා(11) පෙරවරු 11.00ට බුද්ධපුජාවක් සහ මහා සංඝරත්නය උදෙසා පැවැත්වෙන දානමය පින්කමක් පවත්වන බව සංවිධායක කමිටුව කියයි.
“සෝම හිමියන් පැවිදි බිමට ඇතුළත් වීමට පෙරාතුව අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඉසිපතන විද්‍යාලයෙනි.අකල්හි නිහඬවූ ශ්‍රී ලංකාවේ වත්මන් යුග පුරුෂයෙකුවන් වූ සෝම හිමියන් සිහිපත් කර උන්වහන්සේට පින් පැමිණවීමට මෙම පින්කම් සඳහා සහභාගී වන ලෙස කෘතවේදී සියලුම දෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා“යැයි සංවිධායක කමිටුව කියයි.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝම හිමි ගුණ සමරුවක් ලන්ඩනයේ