(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මත්කුඩු ළඟ තබා ගැනීමේ වරදට රිමාන්ඩ් බාරයේ පසුවන තම සැමියාට ඇප ලබා ගැනීමේ අරමුණින් හෙරොයින් මත්කුඩු විකුණමින් සිටි 28 හැවිරිදි කාන්තාවක් හා ඇගේ සහෝදරයින් දෙදෙනා සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
එක් දරු මවක වන සැකකාරියගේ ඉනේ සඟවා ගෙන තිබු හෙරෝයින් ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් පොලීසිය සොයා ගෙන ඇත.ස්කූටි වර්ගයේ යතුරු පැදියක් උපයෝගී කර ගෙන ඇය මෙම මත්කුඩු ජාවාරම ජයටම කරගෙන ගොස් තිබේ.
එම කාන්තාවගෙන් මත්කුඩු මිලදී ගැනීම සදහා පැමිණී බව කියන ඇගේ අයිය මලෝ දෙදෙනා හෙරෝයින් මිලි ග්‍රෑම් 350 ක් සමඟ පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන තිබේ.
එම තිදෙනාම මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කළේය.
සැකකාරියගේ සැමියා මීට මාස කිහිපයකට පෙර මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසු වන නිසා ඔහුට ඇප ලබා ගැනීමට වියදම් කිරීම සදහා මෙම ජාවාරම කර ගෙන ගිය බව ඇය පොලීසියට පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැමියාට ඇප දෙන්න මත්කුඩු විකිණු බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට