බිමල් ශ්‍යාමන් ජයසිංහ
රූපලාවන්‍ය ශිල්පිනියකුගේ සැමියා සිය බිරිඳට මරණීය තර්ජන කරමින් තී‍්‍ර රෝද රථයකින් රැගෙන යමින් සිටියදී ධාවනය වෙමින් පැවති රියෙන් බිමට පැනගත් ඇය පොලිසියේ පිහිට පතා ගිය පුවතක් වාර්තා වේ. ඇගේ දෙමාපියන්ට ඈ බාරදීමට කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය පැවසීය.
රියෙන් බිමට පැනීමේ දී ඇයගේ නළලටල නාසයට හා අතකට තුවාල සිදු වී තිබූ අතර පොලිස් නිලධාරිනියන්ගේ මැදිහත්වීමෙන් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්ලිව්. එල්. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පළමුව ඇයට ප‍්‍රතිකාර ලබාදුන් බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.
පෑලියගොඩ ප‍්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යමින් සිටි 23 හැවිරිදි වියේ පසුවූ එම කාන්තාවට අවුරුදු හතරක දරුවකු සිටින බව මූලික විමර්ශනවලදී හෙලි වී ඇත.
මත්කුඩු සහ ගිනි අවි ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලද සිය සැමියාගෙන් නිරතුරුවම එල්ල වූ තාඩන පීඩන හේතුවෙන් ඔහුට විරුද්ධව අලූත්කඩේ දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් ද පවරා තිබෙන බව රූපලාවන්‍ය ශිල්පිනිය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.