(පාලිත ආරියවංශ)
ඌව පළාත සංවර්ධනය කිරිමටනම් ඊට අකුල් හෙළන සමන්ත විද්‍යාරත්න මුරිසි දිවයිනට පිටුවහල් කළ යුතු යැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල , වියලුව පුස්සැල්ලාකන්ද මහා පැවැති උත්සවයකදී පැවසීය.
‘‘අපේ පළාත විදේශියන්ගෙන් හොදටම බැටකෑ පළාතක්. ඒ සිදුකළ විනාශයෙන් තවමත් ගොඩඑන්න බැරිවෙලා .අසරණ වු ජන ජීවිත නගාසිටුවන්න විවිධ සංවර්ධන යෝජනා ක්‍රම මධ්‍යම රජයේද සහාය ඇතිව ක්‍රියාත්මක වෙනවා . ඒවා ට දිරිදීම මිස අකුල් හෙළීම හොඳ නෑ. උමා ඔයටත් විරුද්ධවෙනවා , අලුත් සීනි කම්හල් හදනවටත් විරුද්ධ වෙනවා . උපාධිධාරින්ට රැකියා දෙන්න ගියාම ඒකත් පමා වෙන විදියට උද්ගෝෂණ කරනවා . මම නම් කියන්නේ මේවා මෙහෙයවන සමන්ත මුරිසි දිවයිනට පිටුවහල් කරලා මේ සංවර්ධන කටයුතු බාධාවකින් තොරව ක්‍රියත්මක කළ යුතු බවයි‘‘ යැයි ද ඔහු කීවේය.
COMMENTS
සමන්තව මුරුසියට යැව්වම, මෙයාලට ඉබ්බා දියේ දැම්මම ඇන්නාවේ කිව්වා වගේ වෙයි.
එතකොට දිගටම කරන සාක්කු සංවර්ධනය කරගෙන යන්න පුළුවන්ද?
මෙයාලගෙ තර්ක එකකට එකක් පරස්පරයි.
සමන්ත කියන්නේ උගත් අවංක දේශපාලකයෙක්. එයාව මුරුසියට යැව්වම මෝඩ හොරුන්ට නත්තල්.
සමන්තව නෙවෙයි මෙයාලව යවන්න ඕන ඉතියෝපියාවට
අවස්ථානුකුල හා කාලනුරුපවත්, මනා අධ්‍යයනයකින් තොරව කරනු ලබන අත්තනෝමතික ඉදිකිරීම් සංවර්ධනය නොවේ. 70 වසරක් පුරා සිදුකළ බොහෝ සංවර්ධනයන් තුල නිසි ගැලපීමක් නැත
කෑලැව කපල උක් හිටවන්න යනවා කියන්නේ, ස්වභාවික වනාන්තරය විනාශ කිරීම. ඉදිරි පරම්පරාවටත් නාය යාම්, ගං වතුර වගේ කරදර වලට මුහුණ දෙන්න මේ පාලකයෝ පාර ස්ථිරවම කපල දෙන්න හදන්නේ.