(මොහොමඩ් ආසික්)
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවට අයත් සමෘද්ධි බැංකු සංගම් ගොඩනැගිලි පිහිටි ඉඩම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා දෙන ලෙස කර තිබූ ඉල්ලීමකට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සියලු දෙනා විරුද්ධ වීම නිසා එම ඉල්ලීම ඒකමතිකව ප්‍රතික්ෂේප විය.
අද (29) හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති විජේසේකර මැදගෙදර මහතාගේ ප්‍රදානත්වයෙන් බරිගම පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී මෙම මහ සභා රැස්වීම පැවැත්විණි.
එහිදී මෙම ඉල්ලීම සහිත ලිපිය ඉදිරිපත් කරමින් වැඩබලන සභාපති විජේසේකර මැදගෙදර මහතා පැවසුවේ ප්‍රාදේශිය සභාවක වගකීම සභාව සතු දේපළ ආරක්ෂා කර ගෙන තවදුරටත් ඒවා වර්ධනය කර ගැනීම නිසා මෙලෙස එක එක ආයතන ඉල්ලන ආකාරයට සභාවේ දේපල පවරා දීමට තමන් විරුද්ධ වන බවයි.
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ පිහිටි වරාතැන්න,බරිගම සහ සෙනරත්ගම යන සමෘද්ධි බැංකු ගොඩනැගිලි පිහිටි ඉඩම් මෙලෙස පවරා දෙන ලෙස ඉල්ලීම කර තිබිණි.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
878
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සමෘද්ධි බැංකු පිහිටි ඉඩම් පවරා දෙන්නැයි කළ ඉල්ලීම ඉවතට