(ප්‍රින්ස් රත්නායක)
සබරගමුව විශ්වවිද්‍යලයේ අධ්‍යයන කටයුතු මැයි 21 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා පැවැසීය.
මැයි 20 වැනිදා පෙරවරු 9.00 ත් පස්වරු 6.00 ත් අතර කාලය තුළ නේවාසිකාගාර හිමි සියලුම සිසුන් නේවාසිකාගාර වෙත වාර්තා කළයුතු බවත් තම අනන්‍යතාව තහවුරු කිරීමට විශ්වවිද්‍යාල හැඳුණුම් පත හෝ ශිෂ්‍යවාර්තා පොත රැගෙන පැමිණෙන ලෙස ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා කීය.
ආරක්ෂක හේතූන් මත නියමිත දිනට පෙර සිසුන් පැමිණීමෙන් වළකින ලෙස ද විශ්වවිද්‍යාලය අවධාරණය කර සිටියි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.