(දයාරත්න ඇඹෝගම)
ආඩියාගල පාසලේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට සියා පියා සමඟ යතුරු පැදියෙන් නිවසට යමින් සිටි 16 හැවිරිදි සිසුවියක් පලාගල හන්දිය ආසන්නයේදී ඉදිරිපසින් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලබා අද (03) දඹුල්ල රෝහලට ඇතුළත් කලබව ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ ආඩියාගල,ඇල්ලේවැව පදිංචි නවෝද්‍යා සදමාලි නැමති සිසුවියකි.
සිසුවිය විභාගයට පෙනි සිට නැවත ආපසු සිය පියා සමඟ නිවසට යමින් සිටියදී පලාගල හන්දිය ආසන්නයේදී ඉදිරිපසින් පැමිණි යතුරු පැදිය හා මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුරින් දැරියගේ දකුණු අතේ අස්ථි බිදි ගොස් තිබිම නිසා ඇය දඹුල්ල රෝහලට ඇතුළත් කොට තිබේ.මෙම අනතුරින් සිසුවියගේ පියාටද සුළු තුවාල සිදුවී ඇති බව පොලිසිය පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd