(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණ තිබූ භූ ගර්භ පරීක්ෂාවන් සිදුකළ හැකි දකුණු අප්‍රිකාවට අයත් " ස්පෙක්ට්‍රම් " ගුවන් යානය අද (9) මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
මෙම ගුවන් යානය දකුණු අප්‍රිකාවට අයත් " ස්පෙක්ට්‍රම් එයා " ගුවන් සමාගමට සතු එච්.සී. - 47 වර්ගයේ ගුවන් යානයකි.
ඉකුත් 7/07 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මෙය පැමිණ තිබිණී.
මෙම ගුවන් යානයේ කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ තිබූ අතර, ඔවුන් දින තුනක නිවාඩුවකින් පසුව මෙසේ පිටත්ව ගොස් තිබෙ.
මෙය ගුවනේ පියාසැරියේ නිරතවන අතරතුර පොළව අභ්‍යන්තරයේ ඇති මීටර් 800 ක දුරක් පරීක්ෂාවට ලක් කිරීමේ හැකියාවක් ඇති ගුවන් යානයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd