(ක.ග.කරුණාරත්න)
සේනා දළඹුවාගෙන් පසුගිය වසරේ තම බඩඉරිඟු වගාවට සිදුවූ හානි වෙනුවෙන් මෙතෙක් වන්දි ලබානොදුන්නැයි මහවැලි ගොවීහු පිරිසක් අද(11) පොළොන්නරුවේ ගල්ලෑල්ල ප‍්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
කජුවත්ත, කණිච්චගල, වෙහෙරගල, අලුත්ඔය ආදී ගම්මානවලින් පැමිණි ගොවීහු 400 කට ආසන්න පිරිසක් මීට එක්ව සිටියහ.
ඔවුන් මනම්පිටිය නගරයේ සිට පොළොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල තෙක් පැමිණ මාර්ගය අවහිරකිරීම නිසා රථ වාහන ගමනාගමනයටද බාධා ඇතිවිය.
විශාල වියදමක් දරා ණය වී කළ වගාව මුළුමණින්ම විනශවී ගොස් තිබියදී ඊට සාධාරණ වන්දි මුදලක් ලබානොදීම බලවත් අසාධාණයක් බවද තෝරා ගත් ගොවීන් පිරිසකට පමණක් පසුගිය කාලයේ රජය වන්දි ලබාදුන් බවද ඔවුහු පැවැසූහ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ ප‍්‍රදේශයේ ජනතාව එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘සේනා’ කළ හානියට වන්දි ඉල්ලා මහවැලි ගොවීහු විරෝධතාවක