සීමාසහිත ඇවන්ගාඩ් ආරක්ෂක සේවා පුද්ගලික සමාගමේ ගිනි අවි සඳහා 2016 වසරට බලපත‍්‍ර ලබා නොදීමට එරෙහිව එම සමාගම සහ එහි අධ්‍යක්ෂවරයකු වන මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම අද (19) අධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය.
ඒ අනුව එම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
අභියාචානාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ මහතා සහ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්කෝන් මහත්මිය හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
මෙම පෙත්සම ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටි සහනය මේවන විට ලැබී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නැතැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන ලෙසද ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සියලු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල ඒ සඳහා අවසර ලබා දෙන ලදී.
සිය සේවා කටයුතු වලට අවශ්‍ය වන ගිනි අවි 91 ක් සඳහා වන බලපත‍්‍ර නිකුත් කරන ලෙස කොළඹ දිස්ත‍්‍රික් ලේකම්වරයාට නියෝග කරන ලෙසද, එම බලපත‍්‍ර ලබා ගැනීම සඳහා වන අයදුම්පත නිර්දේශ නොකිරීමට මිරිහාන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගත් තීරණය අහෝසි කරන ලෙසත් පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති මහතා සිය පෙත්සම මඟින් ඉල්ලා සිටියේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මිරිහාන ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි මහේන් ගුණසේකර , පොලිස් ස්ථානාධිපති සමන් ජයලත් , පරිපාලන අංශයේ ස්ථානාධිපති ,ඊ.එන්.පී.ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර , පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් ,ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි , කොළඹ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර සහ නීතිපති නම් කරනු ලැබ තිබිණි.
2025 දෙසැම්බර් මස 18
478
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේනාධිපති පෙත්සම ඉල්ලා අස්කර ගනී