(එම්.සුසිල් ප්‍රියන්ත)
සීනිගම ප්‍රදේශයේදී අද (13) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් අත්තේ සීනිගම කලුපේ පදිංචි 50 දැහැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි.
අනතුරින් මියගිය කාන්තාව සිය සැමියා සමඟ හික්කඩුවට ගොස් නිවස බලා එමින් සිටියදී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇතිබව පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ මියගිය කාන්තාවගේ සැමියා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යැවූ බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd