(ඩී.ජි.සුගතපාල)
ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 10ක සිරදඬුවමක් නියම කිරීමට දකුණු පළාත් බද පුර්වගාමී ගාල්ල මහාධීකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (14) නියෝග කළේය.
ඊට අමතරව රුපියල් 5000/- දඩයක් ද , දූෂණයට ලක්වූ කාන්තාවට රුපියල් 450,000 ක වන්දියක් ද ගෙවීමට විනිසුරුවරයා නියම කළේය.
දඩ නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිරදඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිරදඬුවමක් ද නියම කෙරිණි.
මෙලෙස සිරදඬුවම් නියම වුයේ වේරගොඩ විතානලාගේ සුපුන් ලක්මාල් නැමැති විත්තිකරුවකුටය.
2009 දෙසැම්බර් 7 වැනි දා හික්කඩුව පොලිස් වසමේ තම මිතුරාගේ බිරිඳ අතවරයට ලක්කිරිම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd