IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


සතුන් දඩයම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(සනත් ගමගේ)

හම්බන්තොට බදගිරිය තම්මැන්නාව අනුක්කන් වැව ආසන්නයට දිය බීමට පැමිණි තිත් මුවෙක් හා ඉත්තෑවෙක් දඩයම් කළ පුද්ගලයෙකු හා මස් විකිණිමේ නිරත වූ පුද්ගලයෙකු අද (10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී කේ.ජී සමන් පාලිත මහතා කීය.

මේ දිනවල අවුරුදු වෙනුවෙන් දඩමස් සඳහා හොඳ ඉල්ලුමක් පැවැතීම හා පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වන සතුන් ජලය සොයා වැව් ආසන්නයට පැමිණෙන හෙයින් දඩයම් කරුවන් නිරන්තරයෙන් කැළයේ සැරිසරන නිසා වැටලීම් දිනපතා සිදු කරන ලෙසට දකුණු කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතාගේ උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා පැවැසීය.

වැටලීමේදී ගිණි අවියක් සමඟ මරණ ලද ඉත්තෑවකුගේ  සිරුරක්  සහ  මස් කපා ඉවත් කරගෙන තිබූ තිත් මුවකුගේ හමක් සමඟ හිසක් අනුක්කන් වැව ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු‍ගෙන් ලද තොරතුරු මත මුව මස් විකිණිම සිදු කළ අනික් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනාම බදගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවන්  බව වනජීවී නිලධාරීහු කියති.

 

 

 



අදහස් (0)

සතුන් දඩයම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site