IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


'සජිත් ගේන්න ඕනෑ වේලාවට පක්ෂය ගෙනෙයි’

 (ජේ.කේ.එල් චාමින්ද)
 
අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට  නොදෙන බව පවසන්නේ  එක්සත් ජාතික පක්ෂය  දෙකට තුනට කැඩීමේ අදහසින් මිස  පක්ෂයට හෝ සජිත් ප්‍රේමදාස  මහතාට ඇති ආදරයකට නොවන බවද පක්ෂයේ  ප්‍රතිසංවිධානයක් ඉල්ලූ මිනිසුන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ගෙන ආයුතු අවස්ථාවේ ඉදිරියට ගෙන එනු ඇතැයි ද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

මේ අදහස්  පැවසුවේ අද (4) බද්දේගම උන්නවිටිය ප්‍රදේශයේ පැවති  ජන හමුවක් අමතමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙසේද පැවසීය.

දැන් මේ වෙකොට අභියාචනාධිකරණයෙන් දීපු තීන්දුවත් එක්ක මේ රටේ දේශපාලනය උඩු යටිකුරු වෙලා තියෙන්නේ.  දැන් මේ ලංකා භූමියේ මහ පොලොව මත අගමැතිවරයෙකුත් නෑ ඇමති මණ්ඩලයකුත් නෑ. 

මහජන ඡන්දයෙන් පත් වෙච්ච මේ  ආණ්ඩුව පාලනය කරන ජනාධිපති විතරයි ඉන්නේ. ඉතින් මේක රට අරාජික තත්වයට පත් කිරීමක්. මේ රට අස්ථාවර කරන්න පාර කැපුවේ කතානායකවරයයි කියලා ඉතාම පුහු සහ පටු අවලාදයක් නගමින් ඉන්නවා ඩලස් අලහප්පෙරුම මහත්තයා.

එතුමාට මම කියන්න කැමතියි එක දේශපාලන කෝනෙක එල්ලිලා පටු තැනක ඉන්නේ නැතිව අලහප්පෙරුම මහත්තයෝ වැඩේ අලකරගෙන තියෙන්නේ ඔබතුමන්ලාගේ උපදෙස් පිට කටයුතු කරපු ජනාධිපතිවරයාද  වෙන කවුරුවත්ද කියලා ගිහිල්ලා හොඳට සිහි නුවණින් කල්පනා කරන්න කියලා  මම එතුමට කියනවා.
  



අදහස් (0)

'සජිත් ගේන්න ඕනෑ වේලාවට පක්ෂය ගෙනෙයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 495 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 470 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site