IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සංචාරක මධ්‍යස්ථානයක් නිසා ගාල්ල සම්බන්ධීකරණ රැස්වීම උණුසුම්

 සිරංගිකා ලොකුකරවිට

සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් වෙනුවෙන් හික්කඩුවේ හදන ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාවක් සාකච්ඡාවට ගැනීමත් සමග ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අද දැඩි උණුසුම්කාරී බවක් ඇතිවිය.

මෙම ගොඩනැගිල්ල පුද්ගලික අංශයට බදු දීමට සැළසුම් කර ඇති බවත් එහි ඉදිරි කටයුතු පිළිබඳ දැනගැනීමට අවශ්‍ය බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
ඔහු මෙසේ කීවේය.

‘‘මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී අක්‍රමිකතා රැසක් සිදුවෙලා තියෙනවා. අවුරුදු පහක් තිස්සේ හදනවා. නමුත් තවත් ඉවරයක් නැහැ. දැන් එතැන පුද්ගලික ව්‍යාපාරයකට බදු දෙන්න යනවා. මේ ස්ථානය විශාල වාණිජ වටිනාකමක් තිබෙන තැනක්. මේවා පුද්ගලික අංශයට බදු දෙන්න ඉඩ දිය නොහැකියි.“

එම යෝජනාව සාකච්ඡාවට ගැනීමත් සමගම සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇාරම්භ වූයේ පෙර රජය පැවති කාලයේ බවයි. එහි යම් අක්‍රිකතාවක් ඇතිවී තිබෙනවානම් එයට මොහාන් පී. ද සිල්වා මන්ත්‍රීවරයා ද වගකිව යුතුයැයි හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා කීවේය. එම ප්‍රකාශයත් සමගම පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා මහතා උස් හඬින් කතා කරමින් සිය අසුණෙන් නැගිට හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයාට චෝදනා කරන්නට විය.

දකුණු පළාත් සංචාරක, ක්‍රීඩා හා රැකි රක්ෂා අමාත්‍යාංශය යටතේ ඇති දකුණු පළාත් සංචාරක කාර්යාංශය විසින් මේ ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ වසර පහකට පෙරදී ය. එහි බිම් මහලේ වැඩ අවසන් කර ඇත. මොහාන් පී. ද සිල්වා මහතා පවසන්නේ මේ භූමිය ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති බවයි.

විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙසේ කීවේය.

වාණිජ වටිනාකමක් තිබෙනවා. නමුත් මෙය අධ්‍යාපන අමාත්‍යාංශය සතුව තිබූ ඉඩමක්. එය නීති අණ පනත් අනුව අධ්‍යාපනික හෝ මේ වගේ කටයුත්තකට හැර වෙනත් වාණිජ කටයුතුවලට යොදා ගන්න බැහැ. අපේ මොහාන් මන්ත්‍රීතුමා නියෝජනය කරපු පසුගිය රජය කාලයේ මේ තීරණ අරගත්තේ. පුද්ගලික අංශයට එදා මේ ගොඩනැගිල්ල බදු දෙන්න සැළසුම් කළ අවස්ථාවේ ඔබතුමා කොහේද හිටියේ. එදා මේවාට විරුද්ධ වුණේ ඇයි. අපි මේ ගැන සොයා බලා සුදුසු තීරණයක් ගන්නම්. කලබල වෙන්න එපා. මේකට පළාත් සභාවේ මුදල් වැය කළා. ඉතිහාසය මගෙන් අහගන්න එපා. එදා හිටපු ඔබතුමත් මේවාට වගකියන්න ඕන. වරදක් තිබෙනවා. අපි හදන්නේ ඒක නිවැරදි කරන්න. මේ විදියට කෑ ගහන්නේ නැතිව මහ ඇමතිතුමාත් එක්ක කතා කරලා බේරුමක් කරගන්න තිබුණා නේ. “

මොහාන් පී. ද සිල්වා මහතා එම අවස්ථාවේ සිය අසුණෙන් නැගිට සතුන්ගේ නම් කියමින් බැණ වදින්නට වූයේය.
විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය.

‘‘මන්ත්‍රීතුමා අපි වැඩක් කරන්න ආවේ. ශිෂ්ඨ විදියට කතා කරන්න අපි ගහගන්න ආවේ නැහැ.“



අදහස් (0)

සංචාරක මධ්‍යස්ථානයක් නිසා ගාල්ල සම්බන්ධීකරණ රැස්වීම උණුසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 30 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site