IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සංචාරකයන් තිදෙනකු කළ පැමිණිල්ලක් ගැන ප්‍රසන්න රණතුංග වාර්තාවක් ඉල්ලයි

(නාලක සංජීව දහනායක)
 

දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටි සංචාරකයන් තිදෙනෙකු, එහි දුර්ගන්ධය ඉවසා ගත නොහැකිව පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(26) සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.
 
මෙම සංචාරකයන් තිදෙනා නෙදර්ලන්තයේ සිට ලංකාවට පැමිණ, රුපියල් 60,000ක් ගෙවා මෙම හෝටලයේ නවාතැන් ගෙන සිට ඇත. හෝටලය දැඩි ලෙස අපිරිසිදු බව පවසමින් ඔවුන් පෙරේදා(24) දඹුල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.

රටට අපකීර්තියක් අත්වන මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදුනොවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසටද අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

 



අදහස් (0)

සංචාරකයන් තිදෙනකු කළ පැමිණිල්ලක් ගැන ප්‍රසන්න රණතුංග වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site