(රංජිත් රාජපක්ෂ)
හැටන් සිංගිමලේ කන්දේ නැගෙනහිර මායිම් ප්‍රදේශයේදී අද(13) ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලිසිය පවසයි.
පවතින වියළි කාලගුණයත් සමග ගින්න වේගයෙන් කඳු මුදුන දක්වා පැතිර යමින් පවතී.
සිංගිමලේ කඳු මුදුනේ සිට පහළට ගලා බසිනා ජල මූලාශ්‍ර එක්රැස් කර හැටන් ප්‍රදේශයට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය ලබා ගන්නා ජල වේල්ලද එම ස්ථානයේ පිහිටා ඇත.
සිංගිමලේ කඳු රක්ෂිතයේ කඳුකරයට ආවේනික ක්ෂිරපායි සතුන් මෙන්ම, පක්ෂින්ද ගණනාවක්ද වෙසෙන අතර දුර්ලභ දැව සහ ආයුර්වේද ඖෂධ පැළෑටි ගණනාවක්ද තිබෙන බව හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරීහු පවසති.
කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව හැටන් පොලිසිය සැකකරයි.
පැතිර යන ගින්න පාලනය කිරීමට හැටන් පොලිසියේ නිලධාරීහු, හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු මේ වන විට කටයුතු කරමින් සිටිති.



2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිංගිමලේ කඳුකර රක්ෂිතයේ ගින්නක්