(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ දුෂණ මර්දන මෙහෙයුමකින් සැකකරුවන් 578 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයීම හා අධික්ෂණය යටතේ සිදුකළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් වසම් 111 තුළ වැටලීම් 556 ක් සිදුකර ඇති අතර එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
හෙරොයින්,ගංජා, නීතිවිරෝධී මත්පැන් ළඟ තබා ගැනීම වැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd