(ටෝනි කරුණානායක)
ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සිර මැදිරියේ සිටි රැඳවියෙකුට ගංජා අඩංගු දුම්කොළ පැකට් 3 ක් දීමට තැත් කර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දින 16ක් රිමාන්ඩ් බාරයේ පසු වූ විත්තිකරුවෙකුට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මාස 3ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම වසර 5 කට අත්හිටුවන ලෙසට අද (19) නියම කළේය.
දුම්කොල වල ඔතා තිබූ ගංජා මිලිග්‍රෑම් 313ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට රුපියල් 6000ක දඩයක්ද නියම විය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.