IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශිල්ප සේනා ප‍්‍රදර්ශනය හෙට ඇරඹේ

(නිමල කොඩිතුවක්කු)

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය -  ශිල්ප සේනා වැඩසටහනේ  පළමු ප‍්‍රදර්ශනය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී හෙට (18) පෙරවරු 10.00 ට ආරම්භ වෙයි.

අද සිට දින හතරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය ලබන 21 ක් වැනිදා අවසන් වේ.

තාක්ෂණ කලාපය, ව්‍යවසාවකත්වය  හා රැකියා වෙළඳපොළ, නවෝත්පාදන කලාපය සහ අධ්‍යාපන සහ  විනෝදාත්මක  කලාපය ලෙස කලාප  5ක් යටතේ ශිල්ප සේනා ප‍්‍රදර්ශනය පැවැත්වේ.

විද්‍යා, තාක්ෂණ හා නවොත්පාදන විෂයට ජනතාව වැඩි වශයෙන් යොමු කිරීමේ අරමුණින් මෙම ප‍්‍රදර්ශනය සංවිදානය කළ  බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ  මහතා පැවසීය.

ශිල්ප සේනා ප‍්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.

ඉදිරියේදී දිවයිනේ අනෙකුත් සියලුම දිස්ත‍්‍රික්ක ඉලක්ක කරමින් මෙම ප‍්‍රදර්ශනය පවත්වන බවත් අමාත්‍යවරයා එහිදී පැවැසීය.

එමෙන්ම නවෝත්පාදන වෙනුවෙන් ඉදිරියේදී මහපොළ වැනි පොදු අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

 



අදහස් (0)

ශිල්ප සේනා ප‍්‍රදර්ශනය හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site