ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව උප සභාපති ලෙස පත්වීම් ලැබූ තිසර ගුණසිංහ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම කොළඹ 05 , නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී අද සිදු කෙරිණ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්ද ගුණසිංහ මහතාගේ පුත්‍රයෙකු වන තිසර ගුණසිංහ මහතා පරිගණක මෘදුකාංග ඉංජිනේරුවක් ලෙස වසර ගණනාවක අත්දැකීම් බහුල පුද්ගලයෙකු වේ.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන ආයතනයේ (ICTA) අධ්‍යක්ෂ ලෙසද මීට පෙර ගුණසිංහ මහතා සේවය කොට ඇත. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතීඥ රවී ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd