(දයාරත්න ඇඹෝගම)
මහනුවර සිට අනුරාධපුරය දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස්රථ සමාගමකට අයත් බස් රථයක් ශ්‍රාවස්තිපුර කුමාර විද්‍යාලය අසලදී යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදිකරු මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ශ්‍රාවස්තිපුර ශ්‍රාවස්ති වත්තේ පදිංචිව සිටි මල්සාන් අසංක ජයලත් (20) නැමැති අයෙකි.
මෙම සිද්ධියෙන් කෝපයට පත්වු ගම්වාසින් පිරිසක් බස් රථයේ රියදුරාට සහ කොන්දොස්තරට පහර දීමෙන් ඔවුන් දෙදෙනාද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd